― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමම රාජපක්ෂලා තරම් මෝඩයෙක් නෙවෙයි - අගමැති

මම රාජපක්ෂලා තරම් මෝඩයෙක් නෙවෙයි – අගමැති

පසුගිය මැතිවරණ සමයේ රාජපක්ෂ පවුල විසින් ලබාදුන් බොරු පොරොන්දු නිසා අද රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවත් තමාව මහ මෝඩයා ලෙස හඳුන්වනවාට තමා අකමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

රටේ පවතින ආර්ථික අර්බුදය මේ වසර වනවිට විසඳේවිදැයි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

පසුගිය මැතිවරණ සමයේදී රාජපක්ෂ පවුල රටේ ජනතාවට දුන් බොරු පොරොන්දු විශ්වාස කරමින් බහුතර ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දුන්නා. නමුත් අවසානයේ සිදුවූයේ සියල්ල උඩු යටිකුරු වුණා. ඔවුන්ව බලයට පත් කළ මිනිසුන්ම අද රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව සටන් කරන්න පටන් අරන්.

රාජපක්ෂ පවුල වගේ මම ජනතාවට බොරු පොරොන්දු දෙන්න සූදානම් නැහැ. මේ දැවැන්ත ආර්ථික අර්බුදය මේ වසර ඇතුළත විසඳෙයි කියලා සිහිනෙන්වත් හිතන්න හොඳ නෑ. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වසර එකහමාරක් පමණ ගතවෙයි කියලා මම අපේක්ෂා කරනවා. මේ අගමැතිකම බාරගත්ත දවසේ ඉඳන් මම රටේ ජනතාවට ඇත්ත කියනවා.