― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමේ කසිකබල් පාලනය නවතා දැන්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න

මේ කසිකබල් පාලනය නවතා දැන්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න

රට තුළ ඇතිවූ අර්බුදකාරී තත්වය පුනරුදයක් කරා ගෙනයනවා වෙනුවට ඉතිරි වූ දේත් අහිමි කර අර්බුදයෙන් අර්බුදයට ගෙනයාමට පාලකයින් කටයුතු කරමින් සිටින බවත් පවතින කසිකබල් පාලනය වෙනුවට සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවා දැන්වත් මෙම තත්වය වෙනස් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

හෙතෙම මේ බව අවධාරණය කළේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රට තුළ ඇති අර්බුදය භාවිතා කරමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැනි ආතයනවලට අත තැබීමට පාලකයන් කටයුතු කරමින් සිටින බවත් ඛනිජතෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් විදේශීය සමාගම් වෙත ලබාදීමට කර ඇති යෝජනාව තුළින් මෙරට බලශක්ති ක්ෂත්‍රයට බලපෑමක් එල්ල විය හැකි බවත් විමල් වීරවංෂ එහිදී කියා සිටියේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල් ඛනිජ තෙල් නිපදවන රටවල සමාගම්වලට ලබාදීමට සිදුවන බවට විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර කළ ප්‍රකාශයේ අදහස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසා දැමිය යුතු බවදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා අමාත්‍යවරයාට අනුව විදේශීය සමාගම්වල ආධිපත්‍යය අහිමි කිරීමේ අරමුණින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කර ඇත්තේ වරදක් බවද අවධාරණය කළේය.

අර්බුදයට හේතුව ඛනිජ තෙල් බෙදාහැරීමේ වගකීම රජයේ සමාගමක් සතුව පැවතීම නම් ඉන්දියන් තෙල් සමාගම සතු පිරවුම්හල්වල හෝ ඉන්ධන තිබිය යුතු බවත් වෙනත් රටක සමාගමක් පැමිණියත් තමන්ගේ රටේ ඩොලර් වියදම් කර තෙල් ලබාදෙනු ඇතැයි සිතිය නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

වෙන අවස්ථාවක මෙවන් ප්‍රකාශයක් කළේ නම් තෙල් සංස්ථාවේ සේවකයන් පාරට බසින බව කී මන්ත්‍රීවරයා සාමාන්‍ය තත්වයකදී අත තැබිය නොහැකි තැන්වලට අත තැබීම සඳහා පාලකයන් ආපදාව භාවිතා කරමින් සිටින බව පවසා සිටියා.