වැඩි මුදලට ලිට්රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති චරිත හේරත් වෙත ලිපියක් යවා තිබෙනවා.
මෙම මිලදී ගැනීම හේතුවෙන් ඩොලර් ලක්ෂ 34ක වංචාවක් සිදුව ඇති බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.