32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාවට බාධාවකින් තොරව ඉන්ධන දෙනවා - කංචන

ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන දෙනවා – කංචන

ලබන 08 වැනිදා සිට අගෝස්තු 13 වැනිදා කාලය තුළ මෙරටට ඉන්ධන නැව් 10ක් පැමිණීමට නියමිත බැවින් ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකි වෙතැයි තමා බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසීය.

මෙට්‍රික් ටොන් 40,000කින් සමන්විත ඩීසල් නැවක් ලබන 08 වැනිදා සහ 09 වැනිදා අතර කාලයේදී මෙරටට පැමිණෙනු ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව ලබන 11 සහ 14 ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 13-15 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක්, ජුලි 22-23 ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 22-23 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්, ජුලි 29-31 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක්, සහ අගෝස්තු 13-15 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙට්‍රික් ටොන් 30,000ක් මෙරටට පැමිණීමට නියමිතය.

එමෙන්ම මැලේසියානු ඉන්ධන සමාගමකින් ඉන්ධන මිල දී ගැනීම සඳහා සිදුකළ සාකච්ඡා සාර්ථක බවත් ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් දසදහසක් ලබන 10 හෝ 11 යන දින දෙක තුළ මෙරටට ළඟා වීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.