― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝලීය අර්බුදය නිසා අපි කපලෙන් ළිපට වැටුණා - අගමැති

ගෝලීය අර්බුදය නිසා අපි කපලෙන් ළිපට වැටුණා – අගමැති

2018 වසරේ පැවති මෙරට ආර්ථික වර්ධන වේගයට ළඟාවීම සඳහා 2026 වසර තෙක් බලා සිටීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව හමුවේ අද (05) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

අද අපි මුහුණදෙන ප්‍රශ්න අතරින් මුලික ප්‍රශ්නය වන්නේ ඉන්ධන අර්බුදයයි. ඊට සමාන්තරව ආහාර සුලබතා පිළිබඳ ගැටලුත් අපි මුහුණදෙනවා. ඉන්ධන සහ ආහාර සම්බන්ධයෙන් අපේ රට කාලයක සිට අර්බුදයකට යමින් සිටියේ. ඉන්ධන හිඟ වුණා ආහාර මිල ඉහළට ගියා. නමුත් මෑතක දී ඇති වුණ ගෝලීය අර්බුදය නිසා මේ තත්ත්වය වඩාත් උග්‍ර වුණා. කපලෙන් අප ළිපට වැටුණා. අපේ ආර්ථිකය වර්ථමානයේ හැකිලෙමින් පවතින්නේ. මහබැංකු සංඛ්‍යාලේඛන අනුව අපේ වර්තමාන ආර්ථික වේගය ඍණ 4 – 5ත් අතර සංඛ්‍යාවක් ගන්නවා. IMF සංඛ්‍යා ලේඛන අනුව එය ඍණ 6- 7ත් අතර වෙනවා. මෙය බරපතළ තත්ත්වයක්. අපේ දළ දේශීය නිෂ්පාදනය 2018 අමෙරිකානු ඩොලර් බිලියන 94.4යි. 2022 දී අපි බලාපොරොත්තු වෙන්නේ ඩොලර් බිලියන 76.2ක්. එය විශාල අඩුවීමක්. අපි ආපහු 2018 තත්ත්වයට යන්න 2026 වෙනවා. ඇත්ත වශයෙන්ම අපි සංඛ්‍යා ලේඛන දිහා බලනවා නම් මොකද්ද රටට සිදුවෙලා තියෙන්නේ, කියලා පැහැදිලියි.

2023 වර්ෂයේදී අපිට දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවෙනවා. මේකයි ඇත්ත. ජනතාවට සිහින ලොවක් මවා පෙන්වන්න, මේ යථාර්ථය වසන් කරන්න සමහරු උත්සහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන බව කාලයත් සමග සනාථ වෙයි. අපිට සුන්දර වචනවලින් ජීවත්වෙන්න බෑ. සුන්දර වචනවලින් ජීවත්වුණ නිසා තමා අද අපි මෙතැනට වැටිලා තියෙන්නේ. අපේ සැලසුම උද්ධමනය පාලනය කිරීම උදෙසා වෙහෙසීමයි. මේ අවුරුද්ද අවසානය වෙද්දි 60%ක් දක්වා ඉහළ නැංවෙනවා. ලෝකයේ භාණ්ඩ මිල ඉහළ නැගීමත් රුපියලේ අගය පහත වැටීමත් එයට ප්‍රධාන වශයෙන් බලපානවා. සිහින ලෝක මවන එක ලේසියි. හැබැයි මේ වගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අසීරුයි. මොකද්ද මේකට පිළිතුර. හැකි ඉක්මනින් රුපියල ස්ථාවර කිරීම. ඒ අරමුණින් ඉදිරියේදී මුදල් මුද්‍රණය කිරීම සීමාකිරීමේ සැලසුමක් අපි ක්‍රියාත්මක කරනවා. අපි ඉලක්ක කරන්නේ 2025 වනවිට උද්ධමන වේගය 4% – 6%ත් අතර මට්ටමකින් පහත දැමීමට.