― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෛත්‍රී - සජිත් සාකච්ඡා අරඹයි - ළඟදීම ආණ්ඩු පෙරළියක්!

මෛත්‍රී – සජිත් සාකච්ඡා අරඹයි – ළඟදීම ආණ්ඩු පෙරළියක්!

විපක්ෂයේ පක්ෂ රැසක් ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඊයේ (05) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂයේ පක්ෂ රැසක් රැස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවට තොරතුරු වාර්තා වෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පවත්වා ඇති අතර ජාතික ජන බලවේගය හැර විපක්ෂයේ සියලු පක්ෂවල නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.

අතුරලියේ රතන හිමියන්, රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂමන් කිරිඇල්ල, රවුෆ් හකීම්, වාසුදේව නානයක්කාර, පාඨලී චම්පික රණවක, එම් ඒ සුමන්තිරන්,උදය ගම්මන්පිල, ජීවන් තොන්ඩමන්, මොහොමඩ් මුසම්මිල්, ගෙවිදු කුමාරතුංග, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ඒ එල් එම් අතාවුල්ලා, අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය චරිත හේරත්, ප්‍රේමනාත් දොලවත්ත, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, තලතා අතුකෝරල, මහාචාර්ය තිස්ස විතාරණ යන මන්ත්‍රීවරුන් ඊට සහභාගි වී තිබේ.