― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල්ට පාර්ලිමේන්තුවේ ඉඳ ගන්නවත් ජන වරමක් නැහැ - අනුර කුමාර

රනිල්ට පාර්ලිමේන්තුවේ ඉඳ ගන්නවත් ජන වරමක් නැහැ – අනුර කුමාර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වුවද තමාව අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ඔහුට බලයක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාස හයක් ඇතුළත ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ හැකි නම් අනුර කුමාර් දිසානායකට අගමැති ධූරය ලබාදීමට සූදානම් බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනි.

අගමැතිවරයා තම ප්‍රකාශයේ කොටසක් පමණක් ගත් බවත් ජනතාවගේ මූලික අවශ්‍යතා වන ඉන්ධන, ගෑස්, බෙහෙත් ආදිය මාස හයක් ඇතුළත ලබා දිය යුතු බවත් ඉන් පසු මැතිවරණයකට යා යුතු බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

හරි නම් රනිල්ට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටවත් ජනවරමක් නොමැති බව හෙතෙම පවසා තිබේ.