― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකිරිඇල්ලගෙන් අගමැතිට කැපිල්ලක්

කිරිඇල්ලගෙන් අගමැතිට කැපිල්ලක්

19 වන ව්‍යවස්ථා සංශෝධනය නොමැතිව හදන කොමිටිවලට බලයක් නොමැති බවත් ඒවා යාලු මිත්‍රකම්වලට හදන කොමිටි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආංශික අධීක්ෂණ කාරක සභා පත් කිරීමේ වැදගත්කම පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සඳහා කළ කතාවට පිළිතුරු වශයෙන් ඔහු මේ බව කියා සිටියේය.

ආංශික අධීක්ෂණ කාරක සභා වැදගත් නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ ඒවා ඵල රහිත බවට පත්ව තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.

තවද මන්ත්‍රීවරයා ප්‍රශ්න කරමින් විමසුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජ්‍ය ආයතන සියල්ල ජනාධිපතිවරයා යටතට පත් කොට තිබෙන පසුබිමක රාජ්‍ය ආයතන දේශපාලනයෙන් මුදවා ගන්නට කොමිටි පත් කරමින් හැකි බව අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ කුමන පදනමකින්ද යන්නයි.

අපි රැස් වෙළා තීරණ ගත්තත් ජනාධිපතිවරයාට ඒවා ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්, ඒ නිසා ඉස්සල්ලා ම ඔබතුමා ගෙනා 19 ගේන්න. දැන් තියෙන 22වැනි ව්‍යවස්ථා සංශෝධනයවත් 19 ව්‍යවස්ථා සංශෝධනයවත් නෙවෙයි.

මුලින්ම අගමැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් රැස් වූ රැස්වීමේදී ඉදිරිපත් කළ කෙටුම්පත 19 වැනි සංශෝධනයට සාමාන එකක් බවත් පසුව එය වෙනස් කර ඇති බවත් නමුත් විජයදාස රාජපක්ෂ විසින් ගෙනත් තිබෙන මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව වෙන්ත් එකක් බවත් එමගින් ජනාධිපතිවරයා සතු බලතල 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයද ඉක්මවා යන බව ඔහු කියා සිටියේය.

තවදුරටත් ඔහු ප්‍රකාශ කරමින් පැවසුවේ ව්‍යවස්ථාවට ඩොනමෝර් ක්‍රමය ගෙනැවිත් කොමිටි ස්ථාපනය කිරීමට කටයුතු කරනවානම් එයට තම පාර්ශවයද එකඟ වන බවයි.