― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅගමැතිකමට ප්‍රබලයින් රැසකගේ නම් යෝජනා වෙයි

අගමැතිකමට ප්‍රබලයින් රැසකගේ නම් යෝජනා වෙයි

රටේ පවතින වත්මන් දේශපාලන අස්ථාවරත්වය හමුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් පිළිබඳව එකඟතාවයක් සකස් කරමින් සිටින බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා සඳහන් කරයි.

අද (06) කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී නව ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය ධුරය සඳහා මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, කරු ජයසූරිය යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති අතර පිහිටුවන්නේ අන්තර්වාර පාලනයක්ද එසේ නැතහොත් වෙනත් පාලන ක්‍රමයක්ද යන්න සාකච්ඡා වෙමින් පවතින බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එම පාලනය යටතේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ ව අධ්‍යයනය කරමින් සිටින බවත් කාලරාමුවක් සහිතව නව ආණ්ඩුව පවත්වාගෙන යාමට මූලික එකඟතාවයක් පළ වී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.