26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"කිසිම වෙලාවක ජනතාව දෙසට ගිනිඅවිය දිගු කරන්න එපා" - සරත් ෆොන්සේකා

“කිසිම වෙලාවක ජනතාව දෙසට ගිනිඅවිය දිගු කරන්න එපා” – සරත් ෆොන්සේකා

කිසිදු අවස්ථාවක සිය ගිනි අවිය ජනතාව දෙසට දිගු කිරීමෙන් වළකින ලෙස පොලීස් නිලධාරීගෙන් සහ හමුදා නිලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.

ඉන්ධන පිරවුම්හලකදී පා පහරක් එල්ල කරනු ලැබූ හමුදා සාමාජිකයා ඇතුළු එවැනි ක්‍රියා සිදු කළ හමුදා සාමාජිකයන්ට විනිවිදභාවයෙන් දැඩි දඬුවම් ලබා දිය යුතු බවත්
එලෙස සිදු කර යුධ හමුදාපතිවරයාගේ, හමුදාවේ සහ විශ්‍රාමික හමුදා සෙබලුන්ගේ කීර්ති නාමය රැකගැනීමට කටයුතු කරන ලෙස යුධ හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර එළැඹෙන 09 වැනිදා පැවැත්වෙන විරෝධතාවයට විශාල ජනතාවක් පැමිණෙන බැවින් පොලිස් නිලධාරීන්ට කල්පනාකාරීව හැසිරෙන ලෙසත්, එසේ නොමැතිව විශාල ජනතාවක් සිටින ස්ථානයකට කඳුලු ගෑස්, ජල ප්‍රහාර එල්ල කර ජනතා කලබලයක් ඇති වුවහොත් විශාල පිරිසක් පෑගීමෙන්, තෙරපීමෙන් මිය යා හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.