― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපොලිස් ඇඳිරි නීතිය පිළිකුලෙන් හෙළා දකිනවා - හරීන්

පොලිස් ඇඳිරි නීතිය පිළිකුලෙන් හෙළා දකිනවා – හරීන්

පසුගියදා විපක්ෂයෙන් ඉවත් වී ආණ්ඩුව සමග එකතු වූ හරින් ප්‍රනාන්දු මහතා අද පැනවූ ඇදිරි නීතිය සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවය පල කර තිබෙනවා.

ඒ ඔහුගේ මුහුණු පොතේ සටහනක් යොදමින්.

එම සටහන පහතින් ,

අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හෙට දිනයේදී ගාලු මුවදොර “ගෝටා ගෝ ගම” පරිශ්‍රය අවට සංවිධානය කර තිබූ දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කඩාකප්පල් කිරීම සදහා අනීතිකව පනවන ලද පොලිස් ඇදිරි නීතිය මා දැඩිලෙස පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.
මා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීම පරිදි එතුමාගේ ආණ්ඩුවට එක්වූයේ ජනතා අභිලාෂයන්ගෙන් බිදක් හෝ මාහට මේ මොහොතේ කල හැකිනම් ඒ කාර්‍යයය කිරීම වෙනුවෙන් පමණි.
එනම් මේ ව්‍යසනය පරාජය කිරීමට මිසක් කිසිම කෙනෙකු රැක ගැනීමට නොවේ.

අපි එක්ව අරගලය ජයග්‍රහණය කරමු. එලෙසම ව්‍යසනයද පරාජය කරමු