― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි?

ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි සකසා ඇති අදාළ ලිපිය කථානායකවරයා වෙත යොමු කිරීමෙන් පසු, එය හෙට (13) දිනයේදී ජාතියට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ඇති.

මෙරට ඉතිහාසයේ සිය ධුර කාලය නිම වීමට පෙර ඉල්ලා අස් වූ ප්‍රථම සහ එක ම ජනපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වනවා.

ඔහුගේ ධුර කාලය 2024 නොවැම්බර් මාසයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.