― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඑකම නාටකයක චරිත රඟ දක්වන කථානායක සහ වැඩ බලන ජනපති රනිල්

එකම නාටකයක චරිත රඟ දක්වන කථානායක සහ වැඩ බලන ජනපති රනිල්

තවමත් මිනිසුන් මුලා කරමින්, එකම නාටකයක චරිත රඟ දක්වන බව පසක් කළ කථානායකවරයා සහ වැඩ බලන ජනපති රනිල් එකම තැනක සිට විශේෂ ප්‍රකාශ සිදුකළ අයුරු හෙළිවෙයි.

අද අලුයම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින වෙත ගිය බව අනාවරණය වුණා.

පසුගියද දිනකද කථානායකවරයා විසින් මාධ්‍යට පවසා තිබුණේ ජනාධිපතිවරයා මෙරටින් පිටව ගිය බවයි. හැබැයි ඊට ටික වෙලාවකින් පස්සේ ඔහුම නැවතත් කියා සිටියේ ජනාධිපතිවරයා මෙරටින් පිටව ගොස් නැති බවත් එය තමාට කියවුණු බවත්ය.

ඒ වගේම ජනාධිපතිවරයා තමා සමග නිතරම තොරතුරු හුවමාරු කරගන්නා බවත් ඔහු පැවසුවා.

තවද පසුගිය දිනක කථානායකවරයා විසින් නිල වශයෙන් ප්‍රකශ කළේ 13 වැනිදා එනම් අද දින ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බවට තමාට ප්‍රකාශ කළ බවයි.

ඒ වගේම අගමැති රනිල් වික්‍රමසිංහද ඉල්ලා අස්වන බව පවසා තිබුණා.

කොහොම වුණත් මේ දෙදෙනාම තවමත් ඉවත්වී නැහැ. එය එසේ තිබියදී අද රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

ඒ වගේම කථානායකවරයාත් අද විශේෂ ප්‍රකාශයක් කළා.

මේ ගැන හොඳින් සොයා බැලූ අපට දැනගන්න ලැබුණේ කථානායකවරයා සහ වැඩ බලන ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම එකම ස්ථානයක සිට අවස්ථා දෙකකදී ප්‍රකාශ සිදුකළ බවයි..

එකම ටෙලි නාට්‍යයක චරිත දෙකක් පිටපතකට අනුව රඟ දක්වන බව මෙය කඳිම නිදසුනක්.

මොවුන්ගේ මේ නාටකතුලින් ජනතාව හැමදාම රැවටූවා සේ අදත් එම ක්‍රියාවම සිදුකරන බවත් මෙය මනාවට පැහැදිලි කරනවා.