28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරනිල් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරයි?

රනිල් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරයි?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකු රනිල් ජනපති කිරීම උදෙසා ඡන්දය ප්‍රකාශ කිරීමට සැරසීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇතැයි වාර්තා වෙයි.

තම පක්ෂයේ ස්ථාවරය වන්නේ මෙම නිලවරණයේදී කිසිවෙකුට සහාය නොදීම බව එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා දැනටමත් කණ්ඩායම් දෙකකට බෙදී තිබේ.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් දැනටමත් රජය සමග සිටින අතර ඔවුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය අනුව කටයුතු කරනු ඇත. ඒ අනුව ඔවුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීමට සාකච්ඡා කරමින් සිටී.