26.1 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති අපේක්ෂකයින්ට ගම්මන්පිලගෙන් සැර ප්‍රකාශයක්

ජනපති අපේක්ෂකයින්ට ගම්මන්පිලගෙන් සැර ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අර්බුදයෙන් ගොඩ ඒමට නම් සමස්ත මිලියන 22කම එක මතයකට එක වැඩසටහනකට පැමිණිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ජනාධිපති, අගමැති කවුරුන්ද යන්න තෝරාගැනීම සඳහා එකට එක්ව එක තීරණයකට ඒමට නොහැකි නම් ජනතාව එක මතයට පැමිණෙන්නේ කෙසේද යන්න ඔහු ප්‍රශ්ණ කළේය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් සිව්දෙනා එක්ව සාකච්ඡා කර ජනධිපති සහ අගමැති කවුරුන්ද යන්න සම්මුතියකට පැමිණිය යුතු බවයි.