― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝඨාභයගේ ආණ්ඩුවෙන් මූල්‍ය අර්බුදය ගැන කරුණු හැංගුවා

ගෝඨාභයගේ ආණ්ඩුවෙන් මූල්‍ය අර්බුදය ගැන කරුණු හැංගුවා

මෙරට මූල්‍ය අර්බුදය පිළිබඳ පසුගිය රජය ඇතැම් කරුණු වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

CNN නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව බංකොලොත් වන බවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ යුතු බවට වන සත්‍ය ගෝඨාභය රාජපක්ෂගේ රජය ජනතාවට ප්‍රකාශ නොකළ බව ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

රට යළි ගොඩනැගීම සඳහා දීර්ඝ කාලයක් අවශ්‍ය නොවන බව සඳහන් කළ වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේ 2023 වසර අවසන් වනවිට ස්ථාවර වීමටද, 2024 වන විට වර්ධනය වීමටද පටන් ගන්නා ක්‍රියාකාරී ආර්ථිකයක් ඇති කර ගැනීමට ක්‍රියාකළ යුතු බවයි.