27.2 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනාධිපතිවරයා අරගලකරුවන් මර්දනය කිරීමට සැරසෙනවා - අනුර කුමාර

ජනාධිපතිවරයා අරගලකරුවන් මර්දනය කිරීමට සැරසෙනවා – අනුර කුමාර

රාජපක්ෂවරුන්ගේ භූත ආත්ම පාර්ලිමේන්තුවේ තවමත් සැරිසරන බවත් නව ජනාධිපතිවරයා අරගලකරුවන් මර්දනය කිරීමට සූදානම් වන බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22) කොළඹදී පැවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර කියා සිටියේ ජනතාව විසින් රාජපක්ෂවරුන් පලවා හරිනු ලැබ අවසන් බවයි.

නව ජනාධිපතිවරයා අරගලකරුවන් මර්දනය කිරීමට සූදානම් වන බව පැවසූ ඒ මහතා අවධාරණය කළේ මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම මැතිවරණයකට යා යුතු බවයි.