― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅරගලයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා - කරු ජයසූරිය

අරගලයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා – කරු ජයසූරිය

ගාලු මුවදොර අරගලයට එල්ල කළ මිලිටරි ප්‍රහාරය තරයේ හෙළා දකින බව හිටපු කථානායක කරු ජයසූරිය පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ නිවේදනයක් නිකුත් කරමිනි.

මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට තවදුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීම උදෙසා පෙළගැසෙන ලෙස සියලු ජන කොටස්වලින් ඉල්ලීමක් කරන බවත් කරූ ජයසූරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එම නිවේදනය මෙසේය.

මේ රටේ දේශපාලනය තීරණාත්මක හැරවුම් ලක්ෂයකට යොමුකරන ලද ගාලු මුවදොර අරගල ප්‍රජාව ඉලක්ක කරගෙන ආරක්ෂක හමුදා යොදවා එල්ල කරන ලද ප්‍රහාරය රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන හා අපේක්ෂා කරන සෑම පාර්ශවයක් විසින්ම තරයේ හෙලාදැකිය යුතුය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයද එකී ක්‍රියාව තරයේම හෙලාදකින්නෙමු.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ වෙනස් මත දැරීමට හා තම අදහස් පලකිරීමට මෙන්ම සාමකාමී ලෙස විරෝධය පෑමට ඇති අයිතිය ඉහළින්ම ආරක්ෂා විය යුතුය. කිසිදු සමාජ තීරුවකට පොදු සමාජයේ අභිලාශයන්ගෙන් බැහැරව හුදකලා අරගලයන්හි නිරත විය නොහැකි බවද අප සියල්ලන්ම පිළිගත යුතුය. ගාලු මුවදොර අරගලය ඉතාමත් සක්‍රීය තලයක පැවැතියේ එම හේතුව නිසාය. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ අසීමිත බලයක් දරමින් සිටි පාලකයෙකුට පවා ප්‍රථම වරට රට අතහැර පලායන පසුබිමක් නිර්මාණය වූවේද එකී අරගලය හා ජනතා අභිලාශයන් සමපාත වූ නිසා බවද මේ රටේ පාලකයන් තේරුම් ගත යුතුව තිබේ.

අපට වාර්තාගත වන ආකාරයට අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති කාර්‍යාලයෙන් අද දින නික්ම යාමට ඔවුන්ගේ සූදානමක් තිබී ඇත. එසේ නම් එය ඔවුන් ගත් ඉතාමත් බුද්ධිමත් හා නිවැරදි තීරණයක් ලෙස සැලකිය හැකිය. එවන් පරිසරයක් තුළ සිදුකරන ලද මෙම අමානුශික ප්‍රහාරය යුක්ති සහගත කිරීමට කිසිදු පාර්ශවයකට හෝ හැකියාවක් තිබිය නොහැකිය.

මෙම සිදුවීමෙන්ද පෙනී යන්නේ ශිෂ්ට සම්පන්න ආකාරයට අර්බුද හා මතබේද නිරාකරනය කරගැනීමට අප රටේ දේශපාලන සමාජය දක්වන අකමැත්ත හෝ නොහැකියාවයි. මෙම සංස්කෘතිය රටින් තුරන් කිරීම සමස්ථ සමාජයේම වගකීමක් වන අතර ඒ සදහා අන් සියල්ලන්ට පෙර පෙරමුණ ගත යුත්තේ රටේ දේශපාලන බල අධිකාරියයි.

එබැවින් අප මේ රටේ සමස්ථ සමාජයෙන්ම ඉතාමත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ අද රට මුහුණ දී ඇති ඛේදනීය තත්වයෙන් මුදා ගැනීම සදහා අන් සියල්ලටම පෙර සියළු ජන කොටස් අධිශ්ඨානශීලීව පෙරට එමින් මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියාවන්ට තව දුරටත් ඉඩක් නොතැබෙන පරිසරයක් නිර්මාණය කරගැනීම උදෙසා පෙළගැසෙන ලෙසය.