― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිද්දා පාර්ලිමේන්තුවට

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිද්දා පාර්ලිමේන්තුවට

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අනිද්දා (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය වගන්ති ඇතුළත් කරමින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සකසා තිබේ.

අනිද්දා (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුනහොත් එය පළමු වර කියවීමෙන් සතියකට පසු විවාදයට ගැනීමට හැකියාව පවතී.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමි විය. ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් පසුගිය ජුනි මස 24 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.