― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical"ඩලස් ජනාධිපති වෙලා සජිත් අගමැති වුණාම ආණ්ඩුව කාළකණ්ණි වෙන්නේ නැද්ද?"

“ඩලස් ජනාධිපති වෙලා සජිත් අගමැති වුණාම ආණ්ඩුව කාළකණ්ණි වෙන්නේ නැද්ද?”

ඩලස් අලහප්පෙරුම ජනාධිපති වෙලා සජිත් ප්‍රේමදාස අගමැති වුණා නම් ආණ්ඩුව කාළකණ්ණි වෙන්නෙ නැද්ද?” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ විමසයි.

ඇය මේ බව විමසුවේ ඊයේ (27) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය දීර්ඝ කිරීමට අදාළ විවාදයේදී අදහස් දක්වමිනි.

හදිසි නීතිය දීර්ඝ කිරීමට අදාළ විවාදයට අදාළ දේවල්වලට වඩා පසුගිය දිනවල රටේ සිදු වූ දේවල් ගැන සඳහන් කිරීමට තමා වැඩි කැමැත්තක් දක්වන බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පිටවීමට උත්සහ කිරීමේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධව තමා විශේෂයෙන් අවධානය යොමු කළ බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.

ඒ වන විටත් හිටපු ජනාධිපතිවරයාට, එවක ජනාධිපති වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික අයිතිවාසිකම් තිබූ බවත් හිටපු ජනාධිපතිවරයා රටින් පිටවීමට උත්සහ කළ අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුද්‍රා තැබීමට කටයුතු නොකළ ආගමන විගමන නිලධාරීන් වහා හඳුනාගෙන ඔවුන් පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මන්ත්‍රීවරිය අවධාරණය කළාය.