― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalතවත් දෙසතියකින් රනිල් - මෛත්‍රී නැවත හමුවක්

තවත් දෙසතියකින් රනිල් – මෛත්‍රී නැවත හමුවක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි දෙසතිය ඇතුළත යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හමුවීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඊයේ (28) මුදල් අමාත්‍යාංශයේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

තම කණ්ඩායම තවදුරටත් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ඇතිකිරීමේ යෝජනාවලිය වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපතිවරයාට එහිදී දැනුම් දුන් බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මෙසේද කීය.

සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවලිය වත්මන් ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.ජාතික සභාවක් පිහිටුවීම, 19 වන සංශෝධනය ආදී කරුණු ද මෙම යෝජනාවලියට ඇතුළත්. රටේ තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය, තෙල්, ගෑස් ආදී අර්බුදය වැනි ප්‍රශ්න විසඳීමට තීන්දු තීරණ ගැනීම මෙන්ම මෙන්ම ජනතාව තුළ ඇති නොසන්සුන් බව, ආවේගශීලී බව සමනය කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් සමඟ සාකච්ඡා කර ආධ්‍යාත්මික වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් අපි ජනාධිපතිවරයාට යෝජනා කළා.

මෙම සාකච්ඡාව සාධනීය බවත් දැනට පෙනෙන්නට තිබෙන නමුත් සර්වපාක්‍ෂික රජයක් ඇතිවේදැයි දැන්ම කියන්න බැහැ. සියලු පක්‍ෂවලට ආරාධනා කර සර්වපාක්‍ෂික රජයක් පිහිටුවීමේ එම වගකීම ඇත්තේ ජනාධිපතිවරයා ඇතුළු රජයට පමණයි.”