එක් චීනයක් ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව දැඩි ලෙස කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ට පවසා තිබේ.
ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකාවේ චින තානාපති චී ෂෙන්හොන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
රටවල්වල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම තමන් නැවත අවධාරණය කරන බවත්
වත්මන් ගෝලීය ආතතීන් තවදුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතු බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.
ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ අන්‍යෝන්‍ය ගරුත්වය සහ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සාමකාමී සහයෝගීතාවයට සහ ගැටුම් ඇති නොවීමට වැදගත් පදනමක් බවයි.