― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical"ජනපති සමඟ අද සාකච්ඡාවට යන්නේ නැහැ" - අනුර කුමාර

“ජනපති සමඟ අද සාකච්ඡාවට යන්නේ නැහැ” – අනුර කුමාර

ජනාධිපතිවරයා සමඟ අද (09) පැවැත්වීමට නියමිතව තිබූ සර්ව පාක්ෂික වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඒ සඳහා අදාළ තම යෝජනා ජනාධිපතිවරයා වෙත ලිඛිතව යොමු කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මීට පෙර සැලසුම් කර තුබුණේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට අදාළව සාකච්ඡා අද (09) පැවැත්වීමටයි.

පසුගියදා සමගි ජන බල සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන්ගේ දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ජනාධිපතිවරයා හමුවූ අතර ඔවුන්ද වෙන වෙනම සිය පක්ෂ නියෝජනය කරමින් ජනාධිපතිවරයා හමුවීමට නියමිතවය.