― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝඨාභයට වැරදුණ තැන ඇමති හරීන් කියයි

ගෝඨාභයට වැරදුණ තැන ඇමති හරීන් කියයි

නූතන පාර්ලිමේන්තු ඉතිහාසයේ ජනාධිපතිවරයෙක්ගේ කතාවකට වැඩිම ප්‍රසංසාවක් ලැබුණු අවස්ථාවක් තිබුණා නම් පක්ෂ පාඨ බේදයකින් තොරව ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරපු කතාව බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

නූතන පාර්ලිමේන්තු ඉතිහාසයේ ජනාධිපතිවරයෙක්ගේ කතාවකට වැඩිම ප්‍රසංසාවක් ලැබුණු අවස්ථාවක් තිබුණා නම් පක්ෂ පාඨ බේදයකින් තොරව ඒ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරපු කතාව. මේකේ මූලිකවම මම දැක්ක දේ නම් දැක්මක් තිබෙන පුද්ගලයෙක් කරපු කතාවක් ලෙස මම දකිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි කලින් හිටපු ජනාධිපතිතුමා. මේ රටේ තිබුණු අර්බුදය මොකක්ද කියලා හඳුනා ගන්න එක තමයි රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණ ප්‍රශ්නය. දෙවැනි එක තමයි අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ඕනී. ඒ වගේම අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ඕනී. අරගලය ඇත්තටම පටන් ගත්තේ කවදාද? අරගලය ඇත්තටම පටන් ගත්තේ 2019දී.

මෙච්චර ප්‍රශ්නයක් තිබෙනකොට රටේ ජනාධිපතිවරයාගේ කතාව හොඳයි කියලා කටින් කිව්වට කොන්ද තියෙන්න ඕනී මේ 225ම මේ ප්‍රශ්නය විසඳන්න එකට එකතුවෙන්න. 225ට බැරිනම් එකට එකතුවෙලා මේ මොහොතේදීවත් රට ගොඩදාගන්න ඒක විශාල ප්‍රශ්නයක් බවට දකිනවා. අප්‍රේල් 09 වැනිදා අරගලය ආරම්භ වෙන්නේ මේ පසුබිම ඔස්සේ. මේ ප්‍රශ්නත් එක්ක අද අපිට තිබෙන්නේ එකම එක විසඳුමයි. ඒ විසඳුම තමයි මේ රටේ මිනිස්සුන්ව එකතු කරන්න ඕනී නම් ඒ මිනිස්සු එකතු කරන්න පුලුවන් තැනක් තිබෙන්න ඕනී. ඒක තමයි මේ පාර්ලිමේන්තුව. ඒත් තවමත් අපි අර පටු දේශපාලන අරමුණු වල ඉන්නේ.”