― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalචීන නෞකාවට එන්න අවසර දෙන්නැයි ස්වාධීන පක්ෂ එකමුතුව ඉල්ලයි

චීන නෞකාවට එන්න අවසර දෙන්නැයි ස්වාධීන පක්ෂ එකමුතුව ඉල්ලයි

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහා අවසර ලබාදිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඇතුලු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් අටදෙනෙකු මෙම නිවේදනයට අත්සන් තබා තිබෙබේ.

හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ මෙම නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් වහාම සිදුකළ යුතු බවත් ඒ සඳහා විශේෂ නියෝජිතයෙකු වහාම චීනයට සහ ඉන්දියාවට ගොස් දෙපාර්ශ්වයට පිළිගත හැකි අතරමැදි විසඳුමකට එළැඹීම අත්‍යවශ්‍ය බවත්ය.

මෙම නෞකාව පර්යේෂණ නෞකාවක් ලෙස හැඳින්වුවද අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ස්ථානගත කිරීම් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබීම හේතුවෙන් ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවට ඉන්දියාව මත පළ කළේය.

මේ හේතුවෙන් මෙම නෞකාව සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය.