― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalචීනය අපිට වෙන් කළ නොහැකි විශ්වාසවන්ත මිතුරෙක් - සරත්

චීනය අපිට වෙන් කළ නොහැකි විශ්වාසවන්ත මිතුරෙක් – සරත්

චීනය කිසිදා වෙන් කළ නොහැකි විශ්වාසදායි මිතුරෙක් බවත් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙක් වන චීනයෙන් උදවු ඉල්ලා සිටින බවත් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසීය.

ඊයේ (16) හම්බන්තොට වරායට සේන්දු වූ චීනයේ යුවාන් වැංග් 5 සන්නිවේදන තාක්ෂණ නෞකාව පිළිගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සව සභාව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අදහස් දක්වමින් සරත් වීරසේකර එහිදී කියා සිටියේ යුවාන් වැන්ග් 5 නෞකාවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලය මෙරටට උණුසුම් ලෙස පිළිගන්නා බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් යුවාන් වැන්ග් 5 නෞකාවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලය අපේ රටට උණුසුම් ලෙස පිළිගන්නවා. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන්නේ නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයටයි. ශ්‍රී ලංකාව අපට කඩිනමින් හා දීර්ඝ කාලීනව නැවත ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මිතුරන්ගේ සහාය සහ ආශිර්වාදය අවශ්‍යයි. අපේ දීර්ඝ කාලීන මිතුරා වන චීනයෙන් මම ඉල්ලා සිටිනවා අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ IMF වැඩසටහන සාක්ෂාත් කර ගැනීමට ඉක්මනින් සහය වන ලෙස. එමෙන්ම කඩිනමින් අර්ථවත් අතුරු මූල්‍ය සහයක් ලබා දෙන ලෙස. ශ්‍රී ලංකාව, චීනය සහ ඉන්දියාව අතර පවතින බැඳීමේ ශක්තිය බටහිර ලෝකේ කිසිදා වටහා නොගනීවි. අපේ රටවල් තුන සංවර්ධනය සහ ගෝලීය සම්බන්ධතා පදනම් කරගනිමින් සහයෝගීතාවක් ගොඩනගා ඇත්තේ බුදු දහම, වෙළඳාම, ආධාර සහ ක්‍රමෝපාය සබඳතා මගින්. ආසියාව ශක්තිමත් කලාපයක් බවට පත් කරලීම උදෙසා ආසියානු ජාතීන් එක්සත් විය යුතුයි. චීනය අපිට කිසිදා වෙන් කළ නොහැකි විශ්වාසදායි මිතුරෙක්.