― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical"නිරායුධ සාමකාමී විරෝධතාවට පහර දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි" - සරත් ෆොන්සේකා

“නිරායුධ සාමකාමී විරෝධතාවට පහර දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි” – සරත් ෆොන්සේකා

නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනට පහර දී පළවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බළකා සෙබළුන් දහස් ගණනක් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඊයේ (18) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා පා ගමන සම්බන්ධයෙන් බලධාරීන් ගත් පියවර පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.

එම සම්පූර්ණ සටහන පහතින්,

“නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙළපාලියකට පහර දී පළවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්‍ය බළකා සෙබළුන් දහස් ගණනක් මේ ආකාරයෙන් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනකි.

මැයි 9 වන දා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ ආකාරයට ම මැර පිරිසක් යොදවා සාමකාමීව අවිහිංසාවාදීව පවත්වාගෙන ආ අරගලයට පහර දුන්නේ ය. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ වෙනුවට රජයේ සන්නද්ධ පොලිස් හා හමුදා කන්ඩායම් යොදවා ගනිමින් සිටියි.

මැයි 9 වන දා ප්‍රහාරයෙන් ඉක්බිති සිදුවූ දේ රට ම දුටුවේ ය.

මේ, පාර කපමින් සිටින්නේ ඊට ත් එහා ගිය බරපතළ ජනතා නැගිටීමකට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කරමින් බව අදක්ෂ, අකාර්යක්ෂම, ජනතා ද්‍රෝහී පාලකයින් තේරුම් ගත යුතු ය.

පොලිසිය හා හමුදාව යොදවා ජනතාව අතරින් නැගී එන විරෝධතා මෙලෙස සන්නද්ධව මර්ධනයට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය කිසි දිනෙක අනුමත නොකරනු ඇත.

ජාත්‍යන්තර සහය අත්‍යාවශ්‍ය මෙවන් මොහොතක මෙවැනි අනවශ්‍ය මර්ධනකාරී ප්‍රතික්‍රියාවන්ගේ බලපෑම සමස්ත රට වැසියා තවදුරට ත් පීඩාවට පත් කරනවා නොඅනුමාන ය.”