― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදුමින්ද රනිල්ගේ හොඳ කියයි

දුමින්ද රනිල්ගේ හොඳ කියයි

රට ගොඩනැගීමට උදාවී ඇති අවසන් අවස්ථාව මෙය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) අනුරාධපුරයේදී සංවර්ධන සභාව අමතමිනි.

අද මම කතා කරන්නේ බොහොම සන්තෝසෙන්. ඒකට හේතුව මේ දවස උදා වෙනකම් අපි බලාගෙන හිටියේ 2015. හැබැයි අපිට මේක හරියට කරගන්න බැරි වුණා. හැබැයි අද දෛවයේ සරදමකට ද කොහෙදෝ නැවත වතාවක් එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා අලුත් පක්ෂයක් බිහිවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මව් පක්ෂය වෙච්ච පොදුජන පෙරමුණම නැවත වතාවක් ඔබතුමාව ජනාධිපති ලෙස පත් කර ගෙන තියෙනවා. ඉතිහාසයේ බැලුවහම අවුරුදු හතරක් අපරාදේ කාලය නාස්ති වුණා කියලා හිතෙනවා. ජනාධිපති තුමනි අපි අවස්ථා දෙකක් නැති කරගත්තා. එකක් තමයි සුනාමියෙන් පස්සේ රට හදන්න තිබුණා. එදා සියලු දෙනාම පක්ෂ භේද අමතක කරලා අත්වැල් බැඳ ගත්තා. හැබැයි අපි ඒ අවස්ථාව මඟ හැර ගත්තා. ඊළඟට අපිට අවස්ථාවක් උදා වුණේ යුද්දෙන් පස්සේ සියලු දෙනාම එකට හිට ගත්තු වෙලාවේ මේ රට හදන්න. ඒ අවස්ථාවත් අපි මග හැර ගත්තා. හැබැයි මම හිතන්නේ මගේ ජීවිත කාලයේත් ඔබතුමාගේ ජීවිත කාලයේත් අවසාන අවස්ථාව. මේ අවස්ථාව මගහැරුනොත් ලබන ආත්මේ තමයි යළි අවස්ථාවක් එන්නෙ. අපි ආණ්ඩුවේදී ඔබතුමාට සමච්චල් කළා. කොලොප්පං කළා. ඔබතුමා තමයි හැමදාම විපක්ෂ හිටියේ කියලා. හැබැයි ඔබතුමා නිකං හිටියෙ නෑ. ඔබතුමා Home work කළා. ඒ නිසා ඕනෑම ප්‍රශ්නයකට ඔබට පිළිතුරු තියෙනවා. ඊයේ තවත් පිරිසක් තවත් ගමනක් ගියා. ඡන්දෙන් පස්සෙවත් එකතු විය යුතුයි කියන හැඟීම නැහැ. ඔවුන් ජනාධිපති වුණා නම් ඒ දේ කරයිද කියන සැකයත් අපිට තියෙනවා.