26.1 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට අගාධයට දැම්මේ කවුද කියලා සාක්ෂි සහිතව මං ඔප්පු කරනවා - උදය...

රට අගාධයට දැම්මේ කවුද කියලා සාක්ෂි සහිතව මං ඔප්පු කරනවා – උදය ගම්මන්පිල

මැයි 9 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට රට ඇතුළේත් රටේ පිටතත් බලවේග වගේ ම ආණ්ඩුව ඇතුළේ ඉඳන් රට අස්ථාවර කිරීමේ බලවේග තිබුණ බව ඉතාම පැහැදිලියි. අද මේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ඇති වුණේ වංචා, දූෂණ, සිතා මතා ගත් වැරදි තීරණ සහ නොසැලකිල්ල නිසා. මා යළිත් අවධාරණය කරනවා සිතා මතා ගත් වැරදි තීරණ නිසා. මේ තත්ත්වය ඇති වුණේ ඇයි? ඒකට වගකිවයුත්තන් කවුද? කියන එක හඳුනා ගත්තේ නැත්නම් අනාගතයේ නැවතත් මේ අභාග්‍ය සම්පන්න කාලය උදා වීමේ අවදානමක් තිබෙනවා.

එවැනි ජනාධිපති කොමිසමක් පත් කළොත් මේ රට මෙතනට ඇද දැමීමට නොසැලකිල්ලෙන් වැරදි තීරණ ගනිමින් කටයුතු කළේ කවුද යන්න සාක්ෂි සහිතව ඒ කොමිසම ඉදිරියේ කරුණු දක්වන්න මා සූදානම්.