27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialපාසල් සිසුවෙකුගේ සපත්තුවෙන් නයි පැටවෙක් එළියට

පාසල් සිසුවෙකුගේ සපත්තුවෙන් නයි පැටවෙක් එළියට

දහතුන් හැවිරිදි ශිෂ්‍යයකු පැළඳ සිටි සපත්තුවක් ඇතුළත කුඩා නයි පැටවකු සිට හමුවීමේ පුවතක් වාර්තා වනවා.

සිසුවා පාසලට බස් රථයකින් පැමිණෙමින් සිටියදී ඔහුගේ එක් සපත්තුවක ඇතුළතින් යමක් දඟලන බව දැනී පාසලට පැමිණ සපත්තුව ගැලවූ අවස්ථාවේදී මෙම කුඩා නයි පැටියා අද (23) උදෑසන හමුවී තිබෙනවා. නයි පැටියා හමුවීමෙන් පසු එම ශිෂ්‍යයා විද්‍යාලීය ගුරුවර ගුරුවරියන් විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර ළමයාට නයි පැටියාගෙන් විස ශරීර ගතවී නැති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරුවී තිබෙනවා.

ළමයාගේ සපත්තුවට නිවෙසේදී මෙම නයි පැටවා  රිංගා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවත් නයි පැටියා රිංගා සිටි සපත්තුව ළමයා  කිසිදු සෝදිසියකින් තොරව පැලැඳ පාසලට පැමිණෙන්නට ඇතැයි  පෙනී යන බවත්  රෝහලේ වෛද්‍යවරු පවසති. ළමයා රෝහලේ  8 වෙනි වාට්ටුවේ හොඳ ශරීර සෞඛ්‍යය තත්වයෙන් පසුවන බවද  ඔහු සඳහන් කළා.