― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝඨාභයටත් මූල්‍ය අර්බුදයක්?

ගෝඨාභයටත් මූල්‍ය අර්බුදයක්?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සති දෙකකින් යළි දිවයිනට පැමිණිය හැකි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

පසුගියදා ඇති වූ මහජන විරෝධයට බියෙන් ඔහු පසුගිය ජූලි මාසයේදී මාලදිවයිනට පළා ගොස් සිංගප්පූරුවට ගොස් දැනට තායිලන්තයේ රැඳී සිටියි.

ගෝඨාභය රාජපක්ෂ හෙට (25) දිවයිනට පැමිණීමට නියමිතව තිබූ නමුත් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ රජය අතර පවතින සාකච්ඡා හේතුවෙන් ඔහුගේ සංචාරය කල් දමා තිබේ.

පුද්ගලික ජෙට් යානා සහ ආරක්‍ෂාව සඳහා ගෝඨාභය මේ වන විට රුපියල් කෝටි සිය ගණනක් වියදම් කර ඇති බවට ගණන් බලා තිබේ.