― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalවෙල්ගමගෙන් ජනපතිට ලිපියක්

වෙල්ගමගෙන් ජනපතිට ලිපියක්

මැරයන්, දූෂිතයන්, කොල්ලකරුවන් හෝ මහජන මුදල් විනාශ කළ බවට චෝදනාවන්ට ලක්වූවන් නැවතත් අමාත්‍ය මණ්ඩලයට පත් කිරීම ගැන ජනතාව මෙන්ම පාර්ලිමේන්තු බහුතරය ද විරුද්ධ බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමිනුයි ඔහු මේ බව සඳහන් කලේ.

කුමාර වෙල්ගම මහතා පවසන්නේ ජනතාවගේ විරෝධයට ලක්වූවන් අමාත්‍ය මණ්ඩලයට නැවත පත් කරන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතින අතර මෙය කුමක් හෝ බරපතල කුමන්ත්‍රණයක් විය හැකි බවයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් කුමන තරාතිරමක හෝ වැරදිකරුවන්ට කඩිනමින් දඩුවම් ලබාදීමද ජනතාවගේ අපේක්ෂාවක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 එක ආ අනු ව්‍යවස්ථාවට අනුකූලව මේ මොහොතේ පාර්ලිමේන්තුවේත් ජනතාවගේත් බහුතර ප්‍රසාදය සහිත අමාත්‍ය මණ්ඩලයක් දේශපාලන පක්ෂ භේදයකින් තොරව පත් කර ගැනීම ඔබගේ යුතුකම සහ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට ඇතුළු නොවී පාර්ලිමේන්තු අනුකමිටු සභාපති පදවි පමණක් භාර ගන්නා බවට කිසියම් දේශපාලන පක්ෂයක් ප්‍රකාශ කරන්නේ නම් එම පදවි සඳහා හිමි අමාත්‍ය වරප්‍රසාද නොගෙන ස්වේච්ඡාවෙන් ම සේවය කළ යුතු බවට ඔවුන්ට ද ප්‍රකාශ කළ යුතු බවයි.