― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalයළි ඇමති ධුරයක් ගන්න මම සූදානම් - ධම්මික පෙරේරා

යළි ඇමති ධුරයක් ගන්න මම සූදානම් – ධම්මික පෙරේරා

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍ය ධූරයක් භාරගැනීමට තමන් සූදානම් බවත් ඒ ගැන තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

මගේ අමාත්‍ය ධූරයට ආයුෂ තිබුණේ දවස් 16යි. එයිනුත් වැඩ කරන්න තිබුණේ දවස් 10යි. මම දුන්න පොරොන්දුව හින්දා ඇත්තටම මම ඒක ඇග්‍රසිව් වෙලා, ඒ දවස් 10දී අර කියපු මාස දෙකේ කරන වැඩ ටික කරලා ඉවර කළා.

මම සාමාන්‍යයෙන් කොහේට ගියත්, පියන් කෙනෙක්වත් වෙනස් කරන එක්කෙනෙක් නෙමෙයිනේ. ඒ කියන්නේ අපි නායකයෝ නම් අපිට එහෙම මිනිස්සු වෙනස් කරන්න ඕනේ නෑ. මිනිස්සුන්ට අපි දෙන්න ඕනේ විෂන් එක මෙන්න මේ විදියට තමා වැඩ කරන්නේ කියලා. අපිට හොඳ මිනිස්සු කියලා සමාජයේ හොයන්න බෑ. ඉන්න මිනිස්සුන්ගෙන් වැඩගන්න දැනගන්න ඕනේ. දැනුත් මම මේ ජනාධිපතිතුමාටත් කියලා තියෙන්නේ, ක්‍රයිසීස් එක මැනේජ් කරන්න දෙනවා නම් මම ආය ආණ්ඩුවේ ඇමති ධූරයක් ගන්නවා. නැතුව මට නිකන් ඇමති ධූරයක් දුන්නාට මට වැඩක් නෑ. ඒකත් ඔය වගේ දවස් 10ක වැඩක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉකොනමික් ඩිවලොප්මන්ට් කියන කෑල්ල දාලා දෙන්න ඕනේ. ඒක මම දැන් ලියලාම දීලා තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ඩොලර් ගේන්න වැඩ කරන්නේ නෑ. ඒ ස්ටේට්මන්ට් එකේ බලන්න ටෙක්නිකල් කියලා පේන්නේ පුද්ගලික තරහක් නෑ කියන එකනේ. මෙහෙමයි ලොකු අය කොහොමත් පුද්ගලිකව තරහා වෙන්නේ නෑ. ඔය ඔක්කෝම යාළුවෝ ඉන්නේ. පොඩි අය තමා එක එක්කෙනා තරහා වෙන්නේ.

මහජනයත් කිව්වේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලානේ. ඒක නිසා ෆුල් ට්‍රයි එකක් දුන්නා එතැනට. එතුමා කරපු හොඳ දෙයක් කියන්නම් කෝ. දැන් අරගලය කියන එක මර්දනය කරානේ. පොලීසියත් එක්ක මිනිස්සු ගිහින් ගැටිලා පොලීසියට ගහන ලෙවල් එකකට ආවහම. විනීතව හැසිරෙන්නේ නැත්නම් අරගලය කියන එක පැත්තකින් කියන්න. රටේ තිබුණ නේෂන් බ්‍රෑන්ඩ් එක ඉවරයිනේ.