30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාවගේ මුදල් 70%ක් රාජපක්ෂලා හොරකම් කරලා - හර්ෂ ද සිල්වා

ජනතාවගේ මුදල් 70%ක් රාජපක්ෂලා හොරකම් කරලා – හර්ෂ ද සිල්වා

අද වන විට රුපියල් ලක්ෂයක වටිනාකම රුපියල් තිස්දහස දක්වා පහත වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (31) පැවැත්වෙන 2022 අතුරු අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් 70%ක් රාජපක්ෂලා විසින් හොරකම් කරලා කිව්වොත් වැරදි නෑ. අපේ රට අද තියෙන්නෙ මර උගුලක් ළඟ, බිත්තියට හේත්තු වෙලා, බෙල්ල හිරවෙලා, මේ රටේ මිනිස්සුන්ට ඉවසන්නම බැරි නිසයි අරගලය කළේ යනුවෙන්. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිකමෙන් එළවලා දැමුවා. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වුණා, ගෝඨාභය රාජපක්ෂ එළවලා දැම්මා. කණගාටුයි නමුත් ඒක සිද්ධ වුණා. පොහොට්ටුවයි රාජපක්ෂලයි රට විනාශ කළා. ඒක කියන්න මිනිස්සු බය නෑ!