― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසර්ව පාක්ෂික ආණ්ඩු එපා - ඡන්දෙ දීපු 134 එක්ක ආණ්ඩුවක් හදන්න

සර්ව පාක්ෂික ආණ්ඩු එපා – ඡන්දෙ දීපු 134 එක්ක ආණ්ඩුවක් හදන්න

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවස්ථාව ලබාදුන්නත් එය යථාර්ථයක් බවට පත්වන ආකාරයක් නොපෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවට යෝජනා කළ පාර්ශ්ව පවා අද ඊට එකඟ නොවන බවත් ඒ නිසා ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී සහාය දැක්වූ මන්ත්‍රීවරුන් 134 දෙනා සම්බන්ධ කර ගනිමින් හෝ ජනාධිපතිවරයා ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රට දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම තවදුරටත් කල්දැමීමට නොහැකි බව පැවසූ නාමල් රාජපක්ෂ කියා සිටියේ ජනතාව මුහුණදෙමින් සිටින බරපතල අර්බුදවලට විසඳුම් ලබාදිය යුතු බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරට පත් කිරීමට තීරණය කළේ ඩීල් නිසා හෝ නඩුවලින් ගැලවීමට හෝ නොවන බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ රට යළිත් නිවැරදි මාවතට රැගෙන සාර්ථක ගමනක් යා හැකි එකම පුද්ගලයා ඔහු නිසා සහාය ලබාදීමට තීරණය කළ බවයි.

ඡන්දයට ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුමට වඩා දේශපාලන අත්දැකීම් රනිල් වික්‍රමසිංහ සතු බවත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේදී ඔහුගේ පරිණත බව අතිශය වැදගත් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.