26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅදානි සමාගමෙන් ශ්‍රී ලංකාවට ආයෝජන ලැබීම භාග්‍යයක්

අදානි සමාගමෙන් ශ්‍රී ලංකාවට ආයෝජන ලැබීම භාග්‍යයක්

Adani සහ America’s New Portrus වෙතින් ශ්‍රී ලංකාවට ආයෝජන ලැබීම භාග්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

විදේශ ආයෝජන නැතුව රටකට කවදාවත් දියුණු වෙන්න බෑ. ඒ නිසා අපි විදෙස් ආයෝජනවකට බිය විය යුතු නෑ. සිංගප්පූරුව, මැලේසියාව ඇතුළු රටවල් විදේශ ආයෝජන හරහා දියුණුවක් ලබා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ ත්‍රිකුණාමලයේ තෙල් නිධිවල සහ හම්බන්තොට වරායේ ඉදිරි ආයෝජන සම්බන්ධයෙන් විරෝධතා මතුවෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදේශ ආයෝජන සහිත ලාභ ලබන සමාගම් බවට පත් කිරීමට අවශ්‍යයි. අදානි කියන්නේ ලොව ධනවත්ම සමාගමක්. ඒ වගේම ඇමරිකාවේ New Potters Energy Company එකේ ලංකාවේ කොටස්කාරයෝ ඉන්නවා. ඔවුන්ගේ ආයෝජන ලැබීමට තරම් අපි වාසනාවන්තයි. ඒ නිසා අපි ආයෝජනවලට බිය විය යුතු නැහැ. විදේශ ආයෝජන නොමැතිව රටට කිසිදා දියුණුවක් අත්කර ගත නොහැකියි.