― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපතිගේ අයවැය නාගරාජ ඇන්දවීමක් - සජිත්

ජනපතිගේ අයවැය නාගරාජ ඇන්දවීමක් – සජිත්

ජනපති ඉදිරිපත් කළ අයවැය ‘නාගරාජ ඇන්දවීමක්‘ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

පවුල් 61000කට මසකට රුපියල් 10000 බැගින් ලබා දෙන බවට තිබූ අයවැය යෝජනාව ඉතා හොඳ නමුත් එයින් සහන ලැබෙන්නේ 1.07ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයකට බවත් රටේ ජනගහනයෙන් දසලක්ෂ ගණනාවක් දැඩි පීඩාවකට පත්ව සිටින බව පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ සහ යුනිසෙෆ් සංවිධානයේ සමීක්ෂණ වාර්තා පවසන බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

ගැබිනි මව්වරුන්ට 20000ක දීමනාවට අමතරව 2500ක් දෙන බව කිවුවද අද 20,000 ක දීමනාවක් ලබා දෙන්නේ නැති බවත් නොදෙන දීමනාවකට 2500ක් එකතු කරන්නේ කෙසේදැයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.