― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහ බැංකු අධිපති ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්

මහ බැංකු අධිපති ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්

කැපකිරීම් කොට මෙරටට පැමිණි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහව එම ධුරයෙන් ඉවත් කොට තම ගජ මිතුරෙකු එම තනතුරට පත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ අද (02) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය.

මහබැංකු අධිපතිතුමාට විරුද්ධව කුමන්ත්‍රණයක් යනවා. ඇත්තටම එයා මේ රස්සාව හොයාගෙන ආවෙ නෑනෙ. අපි තමයි විශ්‍රාම ගියපු මනුස්සයව ඔස්ට්‍රේලියාවේ ඉඳලා මෙහෙට ගෙන්නගත්තේ. මොකද එතුමා තමයි මේ තැනට සුදුසුම කියලා. ඒ වගේම මුදල් අමාත්‍යංශයට හොඳ ලේකම්වරයෙක් පත්කරලා තියෙනවා. මන්ත්‍රීවරයෙක් යොදවලා මෙයා ද්විත්ව පුරවැසියෙක්. මෙයා අරකයි මෙයා මේකයි කියලා එක එක චොදනා කරනවා. නමුත් ඒක හරිම කැතයි. මං හිතුවා ඒක එතනින් නතර වෙයි කියලා. නමුත් ඒක එතනින් නතර වුණේ නැහැ. ඊයේ සභා ගර්භයේදී ආණ්ඩු පාර්ශවයම විනාඩි 20ක කාලයක් අරගෙන මොකක්ද හෑල්ලක් නිර්මාණය කරලා දැන් කියනවා මහබැංකු අධිපතිතුමා තමයි රට බංකොලොත් කළේ කියලා. ඒක කෙලින් කිව්වෙත් නෑ. වක්‍රව, හීන් නූලෙන් තමයි කිව්වේ. ඒවා කියන අයත් ඉතින් දිය යටින් ගින්දර ගෙනියන පුද්ගලයොනේ. කරුණාකරලා මම කියනවා මෙහෙම ගියොත් නම් රටට හරියන්නෑ. ඔබතුමාලා දැන් කියනවනේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන. මුලින්ම ජනාධිපතිතුමයි, අගමැතිතුමයි කතාකරලා මහබැංකු අධිපතිවරයා ගැන පොදු එකඟතාවයකට එන්න. මේක මේ කැපකිරීම් කරලා මේ රටට ආපු මනුස්සයව ආපහු යවලා තමන්ගේ ගජ මිතුරෙක්ව ඔය තනතුරට දාගන්න කරන කුමන්ත්‍රණේනෙ. ඔය වගේ නාට්‍යය නිසා තමයි අපිට සර්ව පාක්ෂික ආණ්සුවක් ගැන හිතන්නවත් බැරි.