26.7 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඔක්කොම එකතු වුණොත් අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්

ඔක්කොම එකතු වුණොත් අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්

ආණ්ඩුව, පෞද්ගලික අංශය, ගොවි ජනතාව හා විදෙස්ගත ජනතාව ආදී සියලුම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවොත් වසර දෙක තුනෙන් මෙම අර්බුදයෙන් අපට ගොඩ ඒමට හැකියාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පැවසීය.

රටේ සියලු ජනතාව එලෙස ඒකාබද්ධ කිරීමට නම් මුලින්ම කළ යුත්තේ ජනතාවගේ වරමින් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවත් එසේ කළහොත් ජනතාව රටේ ප්‍රශ්න විසඳීමට වසරක් දෙකක් පමණ ආණ්ඩුවට කාලය ලබා දෙනු ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහට එරෙහිව ලැබුණු ජනවරමකින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් හැදීම ජනවරමට පටහැනි මවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

අතුරු අයවැය ජනවරමට ප්‍රතිපක්ෂ අයවැයක් බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනවරමක් අවශ්‍ය බවයි.