― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical"ආයේ දේශපාලනයට නම් එන්න එපා ගෝඨාභය මහත්තයෝ"

“ආයේ දේශපාලනයට නම් එන්න එපා ගෝඨාභය මහත්තයෝ”

ගෝඨාභය රාජපක්ෂ නැවත දේශපාලනයට එක්නොවිය යුතු බවත් අගමැතිකම ගන්නවාට වැඩිය හොඳයි ඔබතුමාගේ පින්වන්ත නෝනා එක්ක තියෙන පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න යැයි නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් තමා සුබ පැතුම් එක්කරන බවත් තමාගේ කට හොඳ නැති බවත් එමනිසා තමා මොනවා කියයිද දන්නේ නැති බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

මහින්ද මහත්තයා හොඳ කෙනෙක් වුණාට රටට වැඩිය පවුලට ලැදියි. එහෙම නැත්නම් එතුමාට ගියපාර ජ්‍යෙෂ්ඨත්වය දුන්නා නම් අද වෙන කෙනෙක් මේ රටේ ජනාධිපති, ඒ වගේම මේ වෙච්ච ඇබැද්දිය එතුමාට කවදාවත් වෙන්නේ නෑ. ගෝඨාභය මහත්තයා අවුරුදු 2කට අඩු කාලයක් තුළ මම හිතන්නේ ජනාධිපති ධුරය අතහැරලා දාලා, උමං මාර්ගයෙන් මේ රට දාලා ගියා. දැන් එතුමා ඇවිත් තියෙනවා. අපි එතුමාට සුබ පතනවා. ඔබතුමා ඔහොම ඉන්න. ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා. මොකද ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ. සමහර අය කියනවා අගමැතිකම දෙනවා කියලා. ඊට වැඩිය හොඳයි ඔබතුමාට පින්වන්ත නෝනා කෙනෙක් ඉන්නවා. එයත් එක්ක තියෙන පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා හිටියා නම් හොඳයි කියලා. අනුන්ගේ රැවටිලිවලට අහුවෙන්න නම් එපා. මොකද අපිත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේ. අපේ කටවල් හොඳ නෑ. අපි මොනවා කියයි ද දන්නේ නෑ.