28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවී මිලදී ගන්න සල්ලි ලැබුණේ නැහැ - මහින්ද අමරවීර

වී මිලදී ගන්න සල්ලි ලැබුණේ නැහැ – මහින්ද අමරවීර

වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ප්‍රමාණවත් පරිදි මුදල් ලැබී නැති බවත් කෘෂිකර් ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පාර් ලිමේන්තුවේදී අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මුදල් ලැබෙන පරිදි වී මිලදී ගැනීම් කරන බවත් වී මිලදී ගැනීම සඳහා බිලියන දෙකක මුදලක් ලබා දෙන ලෙස රාජ්‍ය බැංකු දෙකෙන් ඉල්ලා ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සමඟද සාකච්ඡා කර ඇති බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ සහල් ආනයනය නතර කරන ලෙසට ලිඛිත දැනුම් දීමක්ද මේ වනවිට සිදුකර ඇති බවයි.