― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකියන තරම් ඖෂධ හිඟයක් රටේ නැහැ - කෙහෙළිය රඹුක්වැල්ල

කියන තරම් ඖෂධ හිඟයක් රටේ නැහැ – කෙහෙළිය රඹුක්වැල්ල

එළඹෙන මාසය වන විට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතැම් ගැටලු සහ එහි පවතින තත්ත්වයන් විසඳා ගැනීමට හැකිවනු ඇති බවත් වෛද්‍ය උපකරණවල සහ ඖෂධවල යම් හිඟයක් පැවතියද එය ඇතැම් අවස්ථාවන්හි පෙන්වා දෙන තරම් තත්ත්වයක නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් (Shahzad Chaudhary) හමුවූ අවස්ථාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටට ඖෂධ ගෙන්වීමේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ ගතවන කාලය මේ වනවිට විශාල ලෙස අඩුකර ඇති බවත් මෙවැනි ඖෂධ ආධාර ලැබීම තුළ තවදුරටත් ඖෂධ කළමණාකරණය වඩාත් සාර්ථකව සිදුකළ හැකි බවත්‍ය.

පකිස්තානයේ ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් වන CCL‍ සමාගම, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර් යාලය හරහා පාකිස්තානු, ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අත්‍යවශ්‍ය රුපියල් ලක්‍ෂ 100 ක් පමණ වටිනා වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඊයේ (19) ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී මෙම හමුව සිදු විය.