― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනයිට් ලයිෆ් කියන්නේ ගණිකා වෘත්තිය නෙවෙයි - ඩයනා ගමගේ

නයිට් ලයිෆ් කියන්නේ ගණිකා වෘත්තිය නෙවෙයි – ඩයනා ගමගේ

නයිට් ලයිෆ් කියන්නේ ගණිකා වෘත්තිය නොවන බවත් ඊට වඩා රෑ තිස්සේ මිනිසුන්ට, දරුවන්ට විනෝද වෙන්න කරන්න පුළුවන් බොහෝ දේ තිබෙන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (21) පාර් ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

කංසා කියන්නේ පාරවල් දිගේ බිබී ඇවිදින දෙයක් නෙමේ. මම කතා කතාකරන්නේ විදේශ විනිමය ගැනයි. වෙනස් දේවල් ටිකක් ගැනයි. මම කතා කරන්නේ වෙනත් පැත්තක් ගැනයි. කංසා ශාකය වගා කරන්න නීතියක් අවශ්‍ය නැහැ. කංසා වලට තියෙන්නේ අවුරුදු 6000 සිට එන සංස්කෘතියක්. 2500ක ඉතිහාසයක් නොවේ. රාවණා කාලයේ ඉඳන් ඒක තිබුණා. අද බුදුහාමුදුරුවෝ මෙහෙට වැඩම කරලා හිටියා නම් මේ රට ගැන මොනවා කියයිද දන්නේ නැහැ. මම ‘නයිට් ලයිෆ්’ ගැන කතා කළා. ‘නයිට් ලයිෆ්’ කියන්නේ ගණිකා වෘත්තිය නොවේ. ඊට එහා ගිය දේවල් ටිකක් තිබෙනවා. රෑ තිස්සේ මිනිසුන්ට දරුවන්ට විනෝද වෙන්න කරන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා. ඒ කිසිම දෙයක් අපේ රටේ නැහැ. හොරෙන් හොරෙන් හැමදේම කෙරෙනවා. මොකද්ද සදාචාරය මේ රටේ. කාන්තාවකට නිගා කරන එක ද සදාචාරය ද? රෑ වෙන තුරු වයින් ස්ටෝස් ටික ඇරලා තියන්න ඕන.රෑ නවයට වයින් ස්ටෝස් වැහුවාම මිනිස්සු රජයට බදු නොදී පස්ස දොරෙන් අරක්කු විකුණනවා. එමෙන්ම සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයි.මේ රට ඉදිරියට යන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍යයි.