― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපි ළඟ රුපියලුත් නෑ.. ඩොලරුත් නෑ - රංජිත් සියඹලාපිටිය

අපි ළඟ රුපියලුත් නෑ.. ඩොලරුත් නෑ – රංජිත් සියඹලාපිටිය

ලබන මාසයේ සිට බදු පනත් සියල්ල සංශෝධනයට පියවර ගන්නා බවත් ආන්දෝලනයට ලක්වූ බදු නොගෙවීම් පිළිබඳව සොයාබැලීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යව මෙසේද කීය.

අපේ රටේ බදු ආදායම වැඩිකර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. අපි දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 8ක තරම් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි ළඟ රුපියලුත් නෑ අපි ළඟ ඩොලරුත් නෑ. අපිට වැටුප් ගෙවන්නත් අමාරුයි ඉතින් අපි මේක වළක්වා ගන්න නම් අපේ බදු ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 15ක් වත් කරගන්න අවශ්‍යයි. ඒ නිසා අපි එතැනදී විශේෂයෙන්ම අපේ සෘජු බදු ප්‍රමාණය වැඩිකර ගත යුතුයි සංයුතියක් හැටියට අපි ඉන්නේ සියයට 20යි සෘජු බදු වක්‍ර බදු සියයට 80ක්.

බදු පනත් ඔක්කොම ප්‍රතිසංස්කරණය කරලා ලොකු වෙනසකට එන්න යනවා ලබන මාසයේ ඉඳන්. බොහොම ආන්දෝලනයට ලක්වූ බදු නොගෙවීම් පිළිබඳව සොයා බලලා ජනතා මනස නිරවුල් කරලා ඒ ගෙවීම් අවශ්‍ය පරිදි අයකරගෙන තමයි අපි ජනතාවට ආරාධනා කරන්න බලාපොරොත්තු වන්නේ මේ රට වෙනුවෙන් අපිත් බදු ගෙවන්නෙක් වෙමු කියලා. ඉතින් ඒකෙ කිසිම ගැටලුවක් නෑ.

දැන් උදාහරණයක් විදියට අපි නිතරම කතාවෙන එකක් සීනි බදු වංචාව, තීරුබදු ශත 25ට අඩුකිරීම නිසා ඇතිවූ තත්ත්වයක්, හැබැයි දැන් අපිට තීරු බද්ද ආපසු ගන්න බෑ. ප්‍රතිපත්ති සම්පාදකයන් නීතියට ගේන්න තියෙන ක්‍රමවේදත් අඩුයි. හැබැයි අපිට එක දෙයක් තියෙනවා කරන්න, අපි කියනවා අශ්වයා ඉස්තාලය හැර පැනලා ගිහින් කියලා, හැබැයි අවශ්‍ය නම් අශ්වයා මැදදී අල්ලාගන්න තොණ්ඩුවක් දාන්න පුළුවන් තැනුත් තියෙනවා. ඔය කියන ආයතනය අසාමාන්‍ය අසාධාරණ ලාභයක් ලැබුවා නම්, අපි කියමු බිලියන 13ක් රජයේ මුදල් අහිමි වුනා කියලා. ඒ මුදල ආදායම් බද්දක් විදියට අපිට අයවෙලා තියෙනවා ද කියන එක ගැන මම වාර්තාවක් ඉල්ලුවා, ඔවුන් ආදායම් බදු හරියට ගෙවලා තියෙනවා ද කියලා. ඒවගේම හැමවිටම ජනතාවට අපි බදු ගැන කතාකරන්නේ එවැනි සිද්ධීන් සියල්ල සමනය කරමින්.