― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකුමාරටයි, සරත්ටයි හම්බවුණු සම්මානය ගන්න රුසියාවට ගියෙ බන්දුල ඇමතිතුමා - උද්දික ප්‍රේමරත්න

කුමාරටයි, සරත්ටයි හම්බවුණු සම්මානය ගන්න රුසියාවට ගියෙ බන්දුල ඇමතිතුමා – උද්දික ප්‍රේමරත්න

රූපවාහිනී සංස්ථාවේ පඩි ගෙවීමට සහ ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට අමාත්‍යවරයා ලෙස ආචාර් ය බන්දුල ගුණවර්ධනට සැලසුමක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (22) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර් ලිමේන්තු විවාදයේදීය.

‘ද නිව්ස්පේපර්’ චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මානය රුසියාවේදී ලබාගත්තේ අමාත්‍ය බන්දුල ගුණවර් ධන හෙයින් උත්සවයේ සංවිධායකයන් සහ රුසියානු ජනතාව ඔහු නළුවාගේ තාත්තා යැයි සිතන්නට ඇති බව මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

එම සම්මාන උළෙලට සහභාගිවීමට කුමාර තිරිමාදුර, සරත් කොතලාවල රංගන ශිල්පීන්ට නොහැකි වූයේ ගුවන් ටිකට් ලබා ගැනීමේ ගැටලුවක් නිසා බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ අනෙකාගේ සතුට දැක සතුටු විය නොහැකි ශේශපාලුවන් නැත පාර් ලිමේන්තුවට යැවීමට පෙර දහස් වරක් සිතිය යුතු බවයි.

චිත්‍රපටයේ ආදායම ලෙස කුමාර තිරිමාදුර රුපියල් හතළිස් ලක්ෂයක් චිත්‍රපටයේ නිෂ්පාදක වන බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට ලබාදීලා තියෙනවා. අවම වශයෙන් එම මුදලින් හෝ කුමාර තිරිමාදුරට සහ සරත් කොතලාවලට ටිකට් පත් දෙකක් අරගෙන දීමට ඇමැතිවරයා කාරුණික වුණේ නැහැ. හොඳම නළුවාට හිමි සම්මානය ගන්න රුසියාවට ගියේ ඇමැතිවරයා විතරයි. සංවිධායකයන් හිතන්න ඇති මේ එන්නේ නළුවන්ගෙ තාත්තා කියලා. ඔන්න ඔහොමයි වෙච්ච දේ. මට මේ ගැන කරන්න තිබෙන හොඳම පැහැදිලි කිරීම තමයි ‘සොර දෙටුවෙක්’ ගීතය. දංගෙඩියට ගෙන යන සොරා දංගෙඩියටත් ඇලුම් කළා කියලා ඉන් කියැවෙනවා. අපේ රටේ ඇමැතිවරුත් එහෙමයි. අනෙකාගේ සතුට දැකලා සතුට වෙන්න ඒ අය කැමති නැහැ. සම්මානය රැගෙන ආ ඇමැතිවරයා පිළිගන්න කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි ගුවන්තොටුපොළට ගියා. විය යුතුව තිබුණේ අනෙක් පැත්ත. සම්මානය අතැතිව සිටින ඇමැතිවරයාත් ඒ සම්මානය දෙස බලා සිටින නළුවන් දෙදෙනාගේත් ඡායාරූප පස්සේ පත්තරවල පළ වුණා. මෙරටට පැමිණි පසුවත් නියම හිමිකරුවන්ට සම්මානය ලබා දීමට ඇමැතිවරයාට හදිසියක් තිබුණේ නැහැ.”