― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපති සතු අමාත්‍යංශවල වගකීම් රාජ්‍ය ඇමතිවරු යටතට

ජනපති සතු අමාත්‍යංශවල වගකීම් රාජ්‍ය ඇමතිවරු යටතට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින හෙයින් ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරවල වගකීම් පවරා තිබේ.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩබලන මුදල් ආර් ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, වැඩබලන ආයෝජන ප්‍රවර් ධන අමාත්‍යවරයා ලෙස ආයෝජන ප්‍රවර් ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා ලෙස සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පත් කර ඇත.