― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනතාවගේ ජීවන බර අඩු කරනවා - මහින්ද රාජපක්ෂ

ජනතාවගේ ජීවන බර අඩු කරනවා – මහින්ද රාජපක්ෂ

ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා සෑම පියවරක්ම ගන්නා බවත් තීන්දු කොතරම් දුෂ්කර වුවත් ජනතාවට වාසි සහගත ලෙස බාත ගන්න අපිට හැකි වූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) නාවලපිටියෙන් ආරම්භ වූ ‘එක්ව නැගිටිමු’ රැස්වීම් මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

අපි රටේ දරුවන්ගේ පෝෂණය පිළිබඳව අපි සැළකිලිමත් වන්න ඕන. ඔවුන් තමයි අපේ රටේ අනාගතය. ඒ වෙනුවෙන් විශේෂ සැළැකිල්ලක් යොමු කරන්න අවශ්‍යයි. ඒ වගේම ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කරන්න හැකි සෑම පියවරක්ම ගන්න කියන ඉල්ලීම අපි දැනටමත් සාකච්ඡා කරමින් යනවා. කරලා තියෙනවා. අපි එහෙම පක්ෂයක් විදිහට මැදිහත්ව තියෙනවා.

එකමුතුව මේ ප්‍රශ්න විසදා ගන්න අපිට අනාගතයක් නිර්මාණය වෙනවා. ඒ වෙනුවෙන් රජය ගන්න සෑම උත්සාහයකටම අපි සහාය දෙනවා. මුලින් නතර වෙලා තිබුණු තැනින් පියවරක් හෝ ඉදිරියට යමු. ඉදිරියට යන්න ඒ සඳහා එක්ව වැඩ කරමු. අනෙක් ඔක්කොම දෙවනුව අපිට විසඳාගන්න පුළුවන්.

කෘෂිකර්මාන්තය වේවා, සංචාරක ව්‍යාපාරය වේවා, තේ රබර් කර්මාන්තය වේවා, වෙනත් කර්මාන්ත වේවා, ඔීනෑම වෘත්තියක් වේවා, විදේශ ගත ශ්‍රමිකයන් වේවා, දේශපාලඥයන් වේවා මේ සියලුම දෙනාට අද අවශ්‍යතාවයක් තියෙනවා එක්ව මේ රට ගොඩනගන්න. අපි එකට පෙළ ගැසෙන්න ඕනෑ.

තීන්දු කොතරම් දුෂ්කර වුවත් ජනතාවට වාසි සහගත ලෙස තබා ගන්න අපිට හැකි උනයි කියලා අපි මතක් කරනවා. මේක ජනතාව දන්නවා. අපි අද නාවලපිටියට ඇවිත් තමුන්නාන්සේලා හමුවෙලා අපි එක්ක නැගිටිමු කියන යෝජනාව මුලු රටටම ඇහෙන්න කියනවා. මේ රට ගොඩ නගන්න අපි එකට පෙළ ගැසෙන්න ඕනෑ.”