31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපිට හොරා කිව්වා.. අපි ළඟ කලු සල්ලි තියෙනවා කිව්වා - නාමල් රාජපක්ෂ

අපිට හොරා කිව්වා.. අපි ළඟ කලු සල්ලි තියෙනවා කිව්වා – නාමල් රාජපක්ෂ

තිළිණි ප්‍රියමාලි ළඟ මුදල් ආයෝජනය කළ අයගේ නම් ලැයිස්තුවේ රාජපක්ෂවරු හැරෙන්නට සියලු දෙනාගේ නම් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) නාවලපිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියක් අමතමිනි.

පහුගිය කාලයේ අරගලයට මුවා වෙලා රාජපක්ෂලාට කලු සල්ලි තියෙනවා කියපු ගොඩක් අය අද අර කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට සල්ලි දීලා. අපි ගාව තමයි කලු සල්ලි තියෙනවා කිව්වේ. හැබැයි සල්ලි දීපු ලැයිස්තුව අරන් බැලුවාම අපි හැර හැම කෙනාම ඉන්නවා. අපිට හොරා කිව්වා අපි ළඟ කලු සල්ලි තියෙනවා කිව්වා.