― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකතා කියන අන්දරේලාට ජනතාව විනෝදයෙන් සවන් දුන්නට බලය දෙන්නේ නැහැ

කතා කියන අන්දරේලාට ජනතාව විනෝදයෙන් සවන් දුන්නට බලය දෙන්නේ නැහැ

වත්මන් ජනාධිපතිවරයාට සහාය දීමට තමා ගත් තීරණය පිළිබඳ අතිශය සතුටු වන බවත් කතා කියන අන්දරේලාට ජනතාව විනෝදයෙන් සවන් දුන්නද ඔවුන්ට කිසිවිටක බලය නොදෙන බව නම් සහතික බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

එහි දැක්වෙන්නේ අභියෝග හමුවේ හදවතට එකගව නිවැරදිව තීරණ ගනු ලබන විට ඒ තීරණවලට ස්වාභාවධර්මය විසින්ද ආශිර්වාද කරන බව අද වන විට ඔහුට හොදටම පසක් වී ඇති බවයි.

එමෙන්ම පෝලිම් යුගයට තිත තැබීම, වගා කිරීමට පොහොර නැවත ලබාදීම, දිනපතා අහස උසට නැගුණු බඩු මිල පාලනය කොට සුලු වශයෙන් හෝ සමහර භාන්ඩවල නැවතත් මිල අඩු කීරීමට හැකිවීම, අප රටට නැවත නොයන්නට ලොව පුරා දැමු සංචාරක තහංචි ඉවත් කොට සංචාරකයින් රටට නැවතත් ගෙන ඒමට හැකි වීම, මා ආදරණීය මිත්‍ර රන්ජන් රාමනායක නිදහස් කර ගැනීමට දායක විය හැකි වීම, 22 සංශෝධනය ජයග්‍රහණය කිරීම, ඓMF සාකච්චා සාර්ථක වීම, දෙස් විදෙස් ආයෝජන අවස්ථාවන් නැවතත් පණ නැංවීමට හැකිවීම යන හේතු සම්බන්ධයෙන් තමාට ආඩම්බර විය හැකි බවයි.

තවද දේශපාලන ජීවිතයේ අනාගතයේ ගනු ලබන තීරණ කුමන ආකාරයේ වුවද දැන් තමා විසින් කළ යුතු වගකීම නිවැරදි ලෙස ඉටු කිරීමට කැපවන බවත් එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.