― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝඨාභයගේ හොඳටම කිරීම නිසා මෙරට ලක්ෂ 96ක් දුප්පත් වෙලා

ගෝඨාභයගේ හොඳටම කිරීම නිසා මෙරට ලක්ෂ 96ක් දුප්පත් වෙලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හොඳටම කිරීම නිසා මෙරට ලක්ෂ 30ක්ව පැවති දුප්පත්භාවය ලක්ෂ 96 දක්වා ඉහළ ගොස් ඇති බවත් කොළඹ නගරයේ 04 දෙනෙකුගෙන් සමන්විත පවුලකට මැරෙන්නේ නැතිව ජීවත්වීමට රුපියල් 60,000ක් අවශ්‍ය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (23) විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“ගෝඨාභය රාජපක්ෂගේ ආගමනයේ සිට මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසය වෙනකන් ආහාර උද්ධමනය 133%කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නෙ සෞභාග්‍යය ගේන්න ආපු පුද්ගලයා හොඳටම කිරීම හරහා ආහාර උද්ධමනය 133%කින් වැඩිවෙලා තියෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මම මේ කියන්නේ. එහෙමනම් රුපියල් 27,000ට තිබුණු රේඛාව රුපියල් 53,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලෝක බැංකුව කියනවා 2019දී 13%ට තිබුණු දරිද්‍රතාව 2022 මැද වනවිට 25.6%ගිහින් තිබෙනවා කියලා. ඒත් පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ඇතුළු කණ්ඩායමක් කරපු දීප ව්‍යාප්ත සමීක්ෂණයකට අනුව ඔවුන් කියනවා ලංකාවේ දරිද්‍රතාව 45%කට කිට්ටු කරලා තියෙනවා කියලා. දැන් මේ භයානකකම තේරුම් ගන්න.

අපේ රටේ ලක්ෂ 220ක් ඉන්නවා ජනතාව. 2019දී රාජපක්ෂලා මේ රට ගන්නකොට අලුත් දත්තවලට අනුව ලංකාවේ ලක්ෂ 30ක් දුප්පත්. දැන් මේ විශ්වවිද්‍යාලය ඉදිරිපත් කරලා තිබෙන දත්තවලට අනුව ලංකාවේ ලක්ෂ 96ක් දුප්පත්. ලක්ෂ 30 සිට ලක්ෂ 96 දක්වා හොඳටම කරලා තියෙනවා. දුප්පත්කම තෙගුණ කරලා තියෙනවා. කොළඹ නගරයේ 04දෙනෙකුගෙන් සමන්විත පවුලකට මැරෙන්නේ නැතිව ජීවත්වෙන්න රුපියල් 60,000ක් අවශ්‍ය බවට මම අගෝස්තු මාසයේදී කිව්වා.